spot_img

පාසල් දරුවන් ගැන ඇසෙන භයානක කතාවක්

සමාජයේ විවිධ හේතූන් මත වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කර සිටියා .

පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව ඇය මාධ්‍ය හමුවට එක වෙමින් කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය.

“2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් තිබ්බා. එතනදී අපේ දරුවන්ගේ දත්ත බැලුවහම 22.4% දරුවෝ තනිකමින් පෙළෙනවා. මේ පාසල් යන අවුරුදු 13 – 17 වයස්වල ළමයි 11.9%ක් කිව්වා රෑට නිදාගන්න අමාරුයි එයාලා. මොනවාහරි දේකට කනස්සල්ලට පත්වෙන නිසා කියලා. 18%ක් විතර විශාදය ලක්ෂණ පෙන්නුම් කරලා තිබුණා. 7.5%කට සමීප මිතුරෝ නෑ. 25%ක් ළමයි කියලා තිබුණා ඒ අයට ඉන්නවා හිතේ තියෙන ගැටලුවක් කතා කරන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ 75%ක දරුවන්ට සමීප කෙනෙක් නෑ. ඉතින් මේ ලංකාවේ මෙහෙම වෙන්න පුළුවන් ද කියලා හිතෙනවා. දැන් දරුවන් ලොකු පීඩනයකින් ඉන්න පුළුවන්. ඒ එක්කම වැඩිහිටියොත් පීඩනයකින් ඉන්න පුළුවන්. එයට නොයෙකුත් සමාජ කාරණා සහ ආතතිය බලපාන්න පුළුවන්.”

“1996 අපි ලෝකයේ දෙවැනි තැනට හිටියේ සියදිවි හානි කරගැනීම අතින්. ලක්ෂයට 47යි. ඒ කාලය ඇතුළත ජනාධිපති කොමිසමත් එක්ක ඒ ගත්ත තීරණ එක්ක සෑහෙන්න පහළ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ලක්ෂයකට 15යි. අවුරුද්දකට 3,500යි. මේ අවුරුදු දෙක තුනේ තාම වැඩි වෙලා නෑ. දවසකට සියදිවි නසා ගැනීම් 8ක් වගේ වෙනවා. මාධ්‍යයට යන්නේ ප්‍රසිද්ධ එකක් විතරයි. තව ගොඩක් සියදිවි හානිකර ගැනීම් වෙනවා. සියදිවි නසා ගැනීම්වල ලොකු වෙනසක් නැති වුණත් මේ ආන්දෝලනාත්මක සියදිවි නසාගැනීම් මේ දිනවල සිදුවුණා. නමුත් මාධ්‍යවලින් ඒ වගේ දේවල් දැන් මුල් කාලයේ වගේ වාර්තා කරන්නේ නෑ. ඒක ලොකු ප්‍රගතියක්.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED