ඊයේ (04) රාත්රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කර තුබූ අතර ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්රයක් පොලිස් භාරයට ගෙන ඇත .
සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් වන බවයි සඳහන් වන්නේ .
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .