spot_img

වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයා ගනී .

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා .

මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ .

මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ .

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED