spot_img

අමෙරිකාව හා ජපානය දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා .

අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15ක බද්දක් අඩුකර ඇති බව සඳහන් වේ .ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, අදාල වෙළඳ ගිවිසුම ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිතව තිබෙන බවයි .

එමෙන්ම අදාළ තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන අතර, එය ජපානය සමඟ ඇති සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට හේතුවක් වන බව ද ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා .

කෙසේ වෙතත් මීට පෙර තීරු බදු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14ක් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබද්දක් පනවන බවයි .

අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ට්‍රම්ප් ලිඛිතව දැනුම් දී තිබූ අතර, තීරු බදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED