spot_img

උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කරයි

උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කර ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසනවා .එක්සත් ජාතීන්ගේ මානුෂිය ආධාර බලාපොරොත්තුවෙන් මෙම ඝාතන සිදු කර ඇති බව සඳහන් .

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය පවසා ඇත්තේ මානුෂිය ආධාර රැගත් රථ එම ප්‍රදේශයට ලඟා වන විට වෙඩි වැදීමට ලක්වු සිවිල් වැසියන් පිරිසක් හමුවු බවය.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ක්ෂණිකව ඇති වු තර්ජනයක් මැඩපැවැත්වීම වෙනුවෙන් එම වෙඩි තැබීම සිදුකළ බවය .

ගාසා තීරයේ ජීවත්වන දහස් ගණනක් වු සිවිල් වැසියන්ට ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා .

ඒ අනුව ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස ගාසා හී සෞඛ්‍ය අංශ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා . අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර කර ප්‍රතිකාර...

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා පිරිසක් කටයුතු කරනවා

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත්...

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී...

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

වෙනත් ලිපිRELATED