spot_img

ග්‍රී ලංකික තරුණයන් රැගත් බස් රථයක් ගිනි ගනී

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදැසන තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි එරට කෘෂිකාර්මික සේවයේ නිරත ශ්‍රී ලංකික තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා සිටියා.

මෙම අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු එහි සිට ඇත .

බස් රථය ගිනි ගැනීමේ දී එහි දොර අවහිරවීම මත එහි සිටි පිරිස එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇති අතර අනතුරෙන් පාදයක් තුවාල වූ එක් අයෙකු රෝහල් ගතකර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය ද බරපතළ නොවන බව සඳහන්.

එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED