spot_img

බඩගින්නට කෑම සොයා ආ සද්දන්තයා දුම්රියට බිලි වෙයි

අද (18) අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී දුම්රියක වනඅලියෙකු ගැටී තිබෙනවා .

අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අදාළ දුම්රිය කොළඹ සිට මඩකලපුව බලා ධාවනය කොට ඇත .

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත් ය.

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණ ද නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවට ගම්වාසීන් චෝදනා කර සිටිනවා .

වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීන් පෙන්වා දෙයි .

මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED