spot_img

බඩගින්නට කෑම සොයා ආ සද්දන්තයා දුම්රියට බිලි වෙයි

අද (18) අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී දුම්රියක වනඅලියෙකු ගැටී තිබෙනවා .

අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අදාළ දුම්රිය කොළඹ සිට මඩකලපුව බලා ධාවනය කොට ඇත .

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත් ය.

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණ ද නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවට ගම්වාසීන් චෝදනා කර සිටිනවා .

වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීන් පෙන්වා දෙයි .

මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED