spot_img

කටුනායකදී කිලෝ 110ක මත්ද්‍රව්‍ය සමග හසුවූ හිමිවරුන් ගැන විමර්ශන ඇරඹේ – අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විශේෂ හෙළිදරව්වක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරනවා.

අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ වත්මන් රජය යටතේ කිසිදු තරාතිරමක පුද්ගලයෙකුට නීතියෙන් බේරී සිටීමට ඉඩ නොදෙන බවයි.

“අපි බලයට පත්වුණු දින සිට නීතිවිරෝධී ක්‍රියාකාරකම් ගැන සොයා බලා ක්‍රියාමාර්ග ගන්නේ කෙනෙකුගේ තරාතිරම බලලා නෙමෙයි. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. දුබලයාට එක නීතියකුත් ප්‍රබලයාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැහැ,” යැයි අමාත්‍යවරයා පැවසීය.

චීවරධාරීන් සම්බන්ධ වී ඇති බැවින්, මෙම ක්‍රියාවලිය එක් පැත්තකින් ගරුතර මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා පරිදි සිදු කරන අතරම, අනෙක් පැත්තෙන් සිවිල් නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

යම් අයෙක් නීතිවිරෝධී කටයුත්තක නිරත වන්නේ නම්, ඔවුන් කවුරුන් වුවත් නීතියේ රැහැනට හසුකර ගැනීමට පසුබට නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රට පුරා ක්‍රියාත්මක වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම වැටලීම හඳුන්වා දුන් අමාත්‍යවරයා, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ සැකකරුවන් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඉදිරි විමර්ශන වාර්තා මත පදනම්ව දැඩි පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

අධිකරණ දෙකක නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවේදී ගිනිබත් කරයි

පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක්...

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්,...

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල රාජ්‍ය සංචාරය සඳහා අද (27) අමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණීමට...

ඉඩම් ආරවුලක් දුරදිග යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගනී.

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස්...

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද (27) දහවල් 1.00න් පසුව කාලගුණයේ පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද...

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද කැලණියට – හෙට නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය උත්සවය ඇරඹේ.

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ හයවන දිනය අදයි. අද...

වෙනත් ලිපිRELATED