spot_img

සමාජ මාධ්‍ය දෙවනත් කළ හීනටියන කාර් රේස් එක – අවසානයේ තරුණයාට සහ කාර් එකට වුණු දේ මෙන්න

කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර මහජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින් අන්තරාදායක අයුරින් රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් පවත්වා ඇති අතර, එම තරඟය ඉදිරියෙන් මෙම කාර් රථය ධාවනය කර ඇත. එහිදී මාර්ගය දෙපස රැස්ව සිටි විශාල ජනකායට සහ ඔවුන්ගේ දේපළවලට දැඩි හානි සිදුවිය හැකි පරිදි අතිශය අන්තරාදායක ලෙස රිය පදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව කටුනායක පොලිස් ස්ථානය මගින් වහාම විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව, අදාළ මෝටර් රථය සහ එය පැදවූ තරුණයා හඳුනාගෙන පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ඔහුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කටුනායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්,...

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිය නිල රාජ්‍ය සංචාරය සඳහා අද (27) අමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණීමට...

ඉඩම් ආරවුලක් දුරදිග යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගනී.

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස්...

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද (27) දහවල් 1.00න් පසුව කාලගුණයේ පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද...

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද කැලණියට – හෙට නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය උත්සවය ඇරඹේ.

වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ හයවන දිනය අදයි. අද...

අනතුරු ඇඟවීමයි! ඔබේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන දැනගන්න

ශ්‍රී ලංකා පොලිසිය විසින් ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන...

වෙනත් ලිපිRELATED