ඉරානය අද (18) සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා තැබීමට පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.
ඒ අනුව, එම සමුද්‍ර සන්ධිය පෙර පැවති “දැඩි කළමනාකරණ” තත්ත්වයට නැවත පත්කර ඇති බවද සඳහන් වේ. මෙම තීරණය ගැනීමට හේතුව ලෙස ඉරානය පෙන්වා දෙන්නේ අමෙරිකාව විසින් දිගින් දිගටම තම වරායන් අවහිර කිරීමට ගත් පියවරයන්ය.
මේ අතර, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ද මීට පෙර අනතුරු ඇඟවූයේ, අමෙරිකාව විසින් එවැනි පියවර අඛණ්ඩව ගන්නා විට හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘතව නොපවතිනු ඇති බවයි.

