මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය සඳහන් කරන්නේ, මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක් වන, ජනකගම – මාදිවෙල ප්රදේශයේ පදිංචි යුධ හමුදා ලාන්ස් කෝප්රල්වරයෙකි.
අනතුරෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

