දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විශේෂයෙන්ම පස්වරු 1.00න් පසුව දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මීට අමතරව, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් අද උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
කාලගුණ වාර්තාවලට අනුව සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

