spot_img

ප්‍රෙෂර් බලන්න ගිය දොස්තර නෝනාට “ප්‍රෙෂර්” වැඩි කළ රෝගියා – පොලිස් රැකවල් මැද ප්‍රතිකාර!

ලෙඩේට බෙහෙත් ගන්න ඇවිත් රෝහල් ඇඳේදීම විලංගු වැටුණු අපූරු රෝගියෙකු පිළිබඳ පුවතක් කළුතර නාගොඩ රෝහලෙන් වාර්තා වනවා.

මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට මාරු කර එවා තිබෙනවා.

එහිදී රෝගියා පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරිය ඔහුගේ රුධිර පීඩනය (Pressure) පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී මෙම රෝගියා වෛද්‍යවරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරමින් ලිංගික අතවරයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එයින් කෝපයට පත් වෛද්‍යවරිය “මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා” යැයි ඔහුට අනතුරු අඟවා තිබෙනවා.

නමුත් පුදුමයට කරුණ නම්, එම අනතුරු ඇඟවීමෙන් පසුවත්, නැවත පරීක්ෂා කිරීමකට ගිය අවස්ථාවේදීත් මොහු දෙවැනි වරටත් එම වෛද්‍යවරියටම අතවර කිරීමට උත්සාහ කිරීමයි.

වෛද්‍යවරිය කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලිසිය, රෝහල් ඇඳේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැන් ඔහුට ප්‍රතිකාර ලබන්නට සිදුව ඇත්තේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

මහගම, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානයෙන් තීරණයක්

ඉරානය අද (18) සිට හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා තැබීමට පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC)...

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

වෙනත් ලිපිRELATED