ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන්, ජනතාව දැඩි අපහසුතාවයට පත් කරමින් ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව හෙට උදෑසන 8:00 සිට රාත්‍රී 8:00 දක්වා පැය 12ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.
මත්තෙගොඩ සහ බ්‍රාහ්මණගම
කිරිගම්පමුණුව සහ දීපංගොඩ
පොලිස්ගස්ඕවිට පාර
කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා
පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා
අද රාත්‍රියේ සිට වතුර කැපෙන ප්‍රදේශ:
අද (08) රාත්‍රී 8:00 සිට හෙට උදෑසන 8:00 දක්වා පැය 12ක කාලයක් මෙම ප්‍රදේශවලට ජලය නොලැබේ
හෝමාගම හයිලෙවල් පාර (පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම දක්වා)
පාදුක්ක පාර (ගොඩගම සිට ලියන්වල පාලම දක්වා)
අතුරුගිරිය පාර (ගොඩගම සිට හබරකඩ දක්වා)
දාම්පේ, හොරගල පාර, මාදුලාව, සෝමරත්න මාවත
ආටිගල, ඇඹුල්ගම, රනාල, මොරගහහේන සහ පුවක්වත්ත පාර
දැනටමත් ජලය අත්හිටුවා ඇති ප්‍රදේශ
අද උදෑසන සිට රාත්‍රී 8:00 දක්වා ගලගෙදර, පින්නවල, මීපේ, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, බෝපේ, මලගල සහ අංගම්පිටිය ඇතුළු ප්‍රදේශ රැසකට දැනටමත් ජල සැපයුම නතර කර ඇත.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම මෙම තීරණයට හේතු වී තිබේ.

