මිනිස් ඉතිහාසයේ කිසිදා නොදුටු සඳේ සැඟවුණු පැත්ත හෙවත් ‘අඳුරු’ පැත්ත, නාසා ආයතනයේ ආටෙමිස් II මෙහෙයුමේ අභ්‍යවකාශගාමීන් විසින් මුල් වරට සියැසින් දැක බලාගෙන තිබෙනවා.
රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් මේ වන විට පෘථිවියේ සිට සැතපුම් 180,000කට වැඩි දුරක් ගෙවා හමාරයි.
සඳේ නොපෙනෙන පැත්තට යානය ප්‍රවිෂ්ට වීමත් සමඟම, ඔවුන් පෘථිවියෙන් ලැබෙන රේඩියෝ තරංගවලින් මිදී සම්පූර්ණ නිශ්ශබ්දතාවයකට මුහුණ දී තිබෙනවා.
මෙම ගමනේදී ඔවුන් ලබාගත් අපූරු ඡායාරූපයකින් හෙළි වන්නේ සඳ මත ඇති දැවැන්තම සහ හොඳින්ම ආරක්ෂා වූ ‘ඔරියන්ටේල් ද්‍රෝණිය’ (Orientale Basin) පිළිබඳවයි.
නාසා ආයතනය පවසන්නේ, මිනිස් ඇසකින් සමස්ත ද්‍රෝණියම සෘජුවම දුටු පළමු අවස්ථාව මෙය බවයි.
වසර බිලියන ගණනකට පෙර සිදු වූ දැවැන්ත උල්කාපාත ගැටීමකින් නිර්මාණය වූ මෙම බහුවලයාකාර ආවාටය, අදටත් සඳේ පැරණි ඉතිහාසය නිහඬව පවසමින් පවතිනවා.”

