spot_img

බෝම්බ ප්‍රහාරයකින් පසු වසර ගණනාවක් රෝගාතුරව සිටි ප්‍රබල දේශපාලනඥයා අද සමුගනී!

දකුණේ ප්‍රබල දේශපාලන හඬක් වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවූ අතර, ඔහු හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ආදරණීය පියාණන්ය.

ඉකුත් 2008 වසරේ මාතර, ගොඩපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අතරතුර එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මහින්ද විජේසේකර මහතා බරපතල ලෙස තුවාල ලැබීය.

එතැන් සිට වසර 17කට ආසන්න කාලයක් රෝගාතුරව පසුවූ ඒ මහතා, අද උදෑසන සිය දේශපාලන සහ ජීවිත ගමන නිමා කළේය.

වසර 20කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මහින්ද විජේසේකර මහතා, අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.

සිය දේශපාලන දිවිය තුළ ඔහු අමාත්‍ය ධුර රැසක් හොබවමින් රටට සුවිශේෂී සේවාවක් ඉටු කළේය.

දකුණේ දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබූ මහින්ද විජේසේකර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දේශපාලන ලෝකය සහ ප්‍රදේශවාසීන් සිය ශෝකය පළ කර සිටිති.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

වෙනත් ලිපිRELATED