spot_img

වැට් බදු ඉන්වොයිස් ක්‍රමයට මොකද වුණේ? – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්!

අද (අප්‍රේල් 01) සිට මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ පාරිභෝගික භාණ්ඩ මිලෙහි සුවිශේෂී වෙනසක් ඇති කරමින් ක්‍රියාත්මක වීමට තිබූ නව බදු රෙගුලාසියක් හදිසියේම මාස තුනකින් කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වැට් (VAT) බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මෙලෙස කල් දමා ඇති අතර, මීට පෙර අද සිට ක්‍රියාත්මක වීමට තිබූ මෙම ක්‍රමය දැන් 2026 ජූලි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක නොවේ.

මෙම බදු නීතිය කල් දැමීම පිටුපස ඇති සැබෑ ආර්ථික බලපෑම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවයි.

ගෝලීය තෙල් මිල ඉහළ යෑම නිසා දැනටමත් දේශීය වශයෙන් ඉන්ධන, ගෑස් සහ විදුලි බිල ඉහළ ගොස් ඇත.

තනි පුද්ගල ව්‍යාපාර, ස්වයං රැකියා සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන් බහුලව භාවිතා කරන ඩිජිටල් ප්ලැට්ෆෝම් සඳහා මෙම වැට් බද්ද අය කළහොත් නිෂ්පාදන පිරිවැය තවත් දරාගත නොහැකි ලෙස ඉහළ යනු ඇත.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක වූයේ නම්, ඩිජිටල් සේවා සහ තවත් භාණ්ඩ හා සේවා රැසක මිල අද සිටම ඉහළ යාමට නියමිතව තිබුණි.

මෙම මාස තුනක සහනය තුළින් පාරිභෝගිකයාට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම නිෂ්පාදන පිරිවැය කළමනාකරණය කර ගැනීමට අවස්ථාව හිමි වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් මෙම තාවකාලික පසුබෑම, වෙළඳපොළ මිල ගණන් තවදුරටත් අහස උසට යෑම වැළැක්වීමට ගත් “ආර්ථික උපක්‍රමයක්” ලෙසද විචාරකයෝ හඳුන්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED