2025 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ මුළු රටේම අවධානය දිනාගත් විශිෂ්ටතම දක්ෂයින්ගේ නාමලේඛනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර විභාග ප්‍රතිඵල අනුව සමස්තයක් ලෙස අපේක්ෂකයින් 8,300 දෙනෙකු විශිෂ්ට සාමර්ථ්‍ය (3 As) ලබා ගැනීමට සමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.
එම පිරිසට පාසල් අයදුම්කරුවන් 7,477ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 823ක් ඇතුළත් වේ.
මෙවර විභාගයේදී විවිධ විෂය ධාරාවන් ඔස්සේ දිවයිනේ පෙරමුණටම පැමිණි තරු කිහිපයක් මෙන්න:
ගණිත අංශයේ ජයග්‍රහණය උතුරට:
භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කිලිනොච්ච්ය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් ශිෂ්‍යයා සමත් විය.

