spot_img

“සම්බුදු සසුනට දිවි පිදූ චෙක් ජාතික නන්ද හිමියෝ” – බඹරගස්තලාව ආරණ්‍යයේදී සිදුවූ අවාසනාවන්ත අපවත්වීම පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

කුමන ජාතික වනෝද්‍යානයේ පිහිටි ඓතිහාසික බඹරගස්තලාව පූජා භූමියේ ලෙනක වැඩ වසමින් සිටියදී උන්වහන්සේ මෙම අනතුරට මුහුණ දී තිබුනා.

පසුගිය ඉකුත් 26 වැනිදා උදෑසන දානය ලබා ගැනීම සඳහා නන්ද හිමියන් සුපුරුදු ස්ථානයට නොපැමිණීම හේතුවෙන්, ඒ පිළිබඳ සොයා බැලීමට වැඩම කළ සියඹලාවැව ජිනාලංකාර හිමියන් විසින් නන්ද හිමියන් වැඩ සිටි ගල්ලෙන පරීක්ෂා කර තිබේ.

එහිදී ලෙන තුළ සාදා තිබූ කුඩා ආවරණ කුටිය තුළ ලේ විලක් මැද මුනින් අතට වැටී සිටි උන්වහන්සේගේ දේහය හමු වී ඇත.

අම්පාර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය කමල් බණ්ඩාර මහතා විසින් පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, කොටියෙකු වැනි වන සතෙකුගේ ප්‍රහාරයකින් සිදුවූ දරුණු තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. වැඩිදුර විමර්ශන සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

2021 වසරේදී ප්‍රථම වරට මෙරටට වැඩම කළ උන්වහන්සේ, පසුව 2025 ජනවාරි 20 වන දින නැවත පැමිණ බඹරගස්තලාව ආරණ්‍ය සේනාසනයේ ඉතාමත් දුෂ්කරව භාවනායෝගීව වැඩ වාසය කර ඇත.

උන්වහන්සේ සමඟ තවත් දේශීය භික්ෂූන්වහන්සේලා දෙනමක් කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි වෙනත් ලෙන්වල භාවනායෝගීව සිට ඇති බව වාර්තා වේ.

කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පැල්වත්තේ බුද්ධවංශ හිමියන් සඳහන් කළේ, චෙක් රාජ්‍යයේ වෙසෙන උන්වහන්සේගේ ඥාතීන්ගේ තීරණය අනුව දේහය එරටට රැගෙන යෑමට හෝ මෙරටේදීම අවසන් කටයුතු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED