දිවයින පුරා පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වයේ තාවකාලික වෙනසක් සිදු කරමින්, අද (29) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි, අද පස්වරු 2.00න් පසුව සබරගමුව පළාතේත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

