spot_img

මඩකලපුව භීතියට පත් කළ ‘නිර්වින්දක’ කොල්ල කල්ලිය කොටු වෙයි!

කාන්තාවන් සතු රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ව මත්කර පාළු ළිඳකට දැමීමේ අතිශය සාහසික සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු සහ සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගත් ස්වර්ණාභරණ සාප්පු හිමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවන් පැහැරගෙන ගොස් ඔවුන්ව මත් කිරීම සඳහා ශල්‍යකර්මවලට භාවිතා කරන නිර්වින්දන ඖෂධ (Anesthesia) සහ ඉසින යන්ත්‍ර (Sprayers) භාවිතා කර ඇති බව හෙළි වී තිබේ.

ත්‍රීරෝද රථ 2ක්, මෝටර් රථයක්, පොරවක්, තියුණු ආයුධ සහ නිර්වින්දන උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 19 වනදා වවුනතිව් සිට මඩකලපුව බලා ගිය තරුණ මවක් සහ ඇගේ අවුරුදු දෙක හමාරක දරුවා අතුරුදන් වූ අතර, පසුව මව පාළු ළිඳක සිටියදීත් දරුවා වෙල්යායක සිටියදීත් සොයාගැනිණි.

එම ළිඳ තුළ තිබී තවත් කාන්තා මළ සිරුරක් හමු වීමත් සමඟ මෙම මහා පරිමාණ අපරාධ කල්ලිය පිළිබඳ තොරතුරු අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED