spot_img

කුකුළු මස් ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත් රාගම රථ වාහන ස්ථානාධිපති කොටු වෙයි!

කුකුළු මස් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දීම රාගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා (උප පොලිස් පරීක්ෂක) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

රාගම, රාම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සතිපොළ මධ්‍යයේ පවත්වාගෙන යන කුකුළු මස් අලෙවිසැලෙන්, සතියකට රුපියල් 5,000 බැගින් ‘පංගුවක්’ ලබාදෙන ලෙස මෙම නිලධාරියා බලපෑම් කර තිබේ.

ඒ අනුව සති දෙකක හිඟ මුදල ලෙස රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමට සැකකාර නිලධාරියා සතිපොළ වෙත පැමිණ ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම උප පොලිස් පරීක්ෂකවරයා අල්ලස් මුදල ලබා ගැනීමට පැමිණ ඇත්තේ තවත් පොලිස් සැරයන්වරයෙකු සමඟ බවයි.

පොලිස් පොතේ ‘නගරයේ රථ වාහන රාජකාරි සඳහා පිටත්ව යනවා’ යැයි සටහන් යොදා, රජයේ නිල යතුරුපැදියෙන්ම මොවුන් අල්ලස් ලබා ගැනීමට පැමිණ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල ලබා ගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 58 හැවිරිදි මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මීට මාස දෙකකට පෙර බියගම පොලීසියේ සිට රාගම පොලීසියට මාරු වී ආ අයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED