සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාගැනීමට විශේෂ වරප්‍රසාද තිබුණත්, ඒ සියල්ල පසෙකලා ජනතාව සමඟ පෝලිමේ සිටි මන්ත්‍රීවරියක් පිළිබඳ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය,ඊයේ උදෑසන සිය මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා හැටන් පිරවුම්හලක මෙලෙස පෝලිමේ රැඳී සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
තමන්ද සාමාන්‍ය ජනතාව මෙන් විනාඩි 30ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටි බව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය පැවසුවා.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ වත්මන් රජය, එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම රටේ පවතින ඉන්ධන සහ ගෑස් හිඟයට ස්ථිර විසඳුම් ලබාදීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

