අද දිනයේ ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු විශේෂ තීරණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද (19) සිට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය පදනම් කරගනිමින්.
අද ඔත්තේ දිනයක් බැවින් ඉන්ධන ලබාගත හැක්කේ වාහන අංකයේ අවසානයට 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා පමණි.
අංක තහඩුවේ අවසන් ඉලක්කම බිංදුව (0) හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඔබට ඉන්ධන ලබාගත හැක්කේ හෙට වැනි ඉරට්ටේ දිනයකදීය.
ඔබ මෙතෙක් QR ක්‍රමය හරහා ඉන්ධන ලබාගෙන නොමැති පුද්ගලයෙකු නම්, අද දිනයේදී මෙම ඔත්තේ/ඉරට්ටේ සීමාවෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට ඔබට අවස්ථාව හිමිවන බව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා තහවුරු කරයි.
අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයන් නිසා ඇතිව තිබෙන අවුල් සහගත තත්ත්වය පාලනය කිරීමට, වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීමට පහත ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වාහන ආදායම් බලපත්‍රය
ලියාපදිංචි සහතිකය (පොත)
රක්ෂණ සහතිකය
දුම් පරීක්ෂණ සහතිකය
නියමිත උපදෙස්වලින් බැහැරව කටයුතු කරන පිරවුම්හල් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සංස්ථාව අවධාරණය කරයි.
එවැනි අක්‍රමිකතා සිදුවන්නේ නම් වහාම මෙම අංකවලට දැනුම් දෙන්න:
📞 0112 106 767
📞 0117 296 130

