spot_img

“මෙවරත් නැකත් දෙකක්ද?” – රටම බලා සිටින අවුරුදු නැකත් ගැටලුව – සඳුදා ගන්න යන තීරණය මෙන්න

“මෙවරත් නැකත් දෙකක්ද?” – රටම බලා සිටින අවුරුදු නැකත් ගැටලුව – සඳුදා ගන්න යන තීරණය මෙන්න

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ, විෂයභාර අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

නැකත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම නිසා රට තුළ විශාල අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති අතර මෙම කණ්ඩායම් දෙක අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීමට අවස්ථා 4කදී සාකච්ඡා පැවැත්වුවද, ඒවා සියල්ලම එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

නැකත් පිළිබඳ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය විසඳා අවසන් තීරණයකට එළඹීම සඳහා සිවිල් සංවිධාන කළ ඉල්ලීම් ද සලකා බලමින්, විෂයභාර අමාත්‍යවරයා මෙම තීරණාත්මක සාකච්ඡාව කැඳවා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

ගමනක් යන්න ඉන්නවා නම් සැලකිල්ලෙන් – අද හවස කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි!

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම පස්වරු 1.00න්...

ප්‍රෙෂර් බලන්න ගිය දොස්තර නෝනාට “ප්‍රෙෂර්” වැඩි කළ රෝගියා – පොලිස් රැකවල් මැද ප්‍රතිකාර!

ලෙඩේට බෙහෙත් ගන්න ඇවිත් රෝහල් ඇඳේදීම විලංගු වැටුණු අපූරු රෝගියෙකු පිළිබඳ පුවතක් කළුතර නාගොඩ රෝහලෙන් වාර්තා වනවා. මතුගම පිඹුර රෝහලේ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට...

නිවාඩුව අවසන් – රාජ්‍ය ආයතන වැඩ අරඹයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන...

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

වෙනත් ලිපිRELATED