
හෙටයි ඒ උතුම් දිනය! ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ මෙත් සෙවණේ, කොත්මලේ අසරණ දරු සිත් සනසන ‘උතුම් සත්කාරය’
දහසක් පින්වතුන්ගේ සිත් සදහම් සිසිලසින් සනසන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ, ගෞරවණීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක වන “උතුම් සත්කාරය” හෙට (මාර්තු 10) කොත්මලේ මනරම් කඳුකරයේ පිහිටි දුෂ්කර ගම්මානයක් කරා ගමන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
අගහිඟකම් මැද වුවද අධ්‍යාපනය ලබමින් හෙට දවස දිනන්නට වෙර දරන කොත්මලේ, මාසැල ගැමුණු මහා විද්‍යාලයේ අහිංසක දූ දරුවන්ගේ නෙතට කඳුළක් නොව, මුවඟට සිනහවක් ගෙන ඒම මෙම සත්කාරයේ ප්‍රධාන අරමුණයි.
භෞතික සම්පත්වලට වඩා දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය උතුම්ම පින්කමක් බව පසක් කරමින්, ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මෙම උතුම් පින්කමට අත්වැල් බැඳගන්නා ලෙස සැදැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමි.
පරිත්‍යාග කිරීමට පිටත්වීම: හෙට, මාර්තු 10 වන අඟහරුවාදා.
අදම ඔබේ දායකත්වය ලබා දෙන්න:
මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් හෝ වෙනත් අයුරකින් දායක වීමට කැමති පින්වතුන් හට, හෙට දිනට පෙර පහත බැංකු ගිණුම හරහා දායකත්වය ලබා දිය හැක.
බැංකුව: ලංකා බැංකුව (Bank of Ceylon) – බොරලැස්ගමුව ශාඛාව
ගිණුම් නාමය: Uthum sathkara
ගිණුම් අංකය: 80 73 68 27
📞 වැඩිදුර විමසීම් සඳහා: 071 083 8428
එන්න, හෙට උදෑසන පිටත්වන ඒ සෙනෙහසේ චාරිකාවට ඔබත් ශක්තියක් වන්න!
ගලිගමුවේ ඥානදීප හිමියන් පෙන්වා දෙන මහා කරුණාවේ මාවතේ අපත් පියවරක් තබමු!

