spot_img

“අනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න එපා…” – මිනීමරු පොරෝ පහර හමුවේත් දරුවන්ට වෛරය එපා කී ඒ උත්තම මාතාව නිහඬවම සමුගනී..

“අනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න එපා…” – මිනීමරු පොරෝ පහර හමුවේත් දරුවන්ට වෛරය එපා කී ඒ උත්තම මාතාව නිහඬවම සමුගනී..

මවකගේ ආදරය කෙතරම්ද යන්න ලොවටම පසක් කරමින්, තමන්ව මරණාසන්න කළ මිනීමරු පොරෝ පහරවල් එල්ල වෙද්දී පවා, රෝහල් යහනේ සිට තම දරුවන්ට “වෛරය එපා” යැයි පැවසූ කළුතර, කිතුලාව, ලාගොස්වත්තේ පදිංචිව සිටි 71 හැවිරිදි එච්. පී. යසවතී මාතාව සිය අවසන් හුස්ම හෙළා තිබෙනවා.

මීට වසර 20කට පමණ පෙර සිදුවූ සුළු බැනවැදීමක් සිතේ තබාගෙන, අසල්වැසි ඥාති පුත්‍රයෙකු විසින් එල්ල කළ අමානුෂික පොරෝ පහරවල් හමුවේ මෙම මව දැඩි ලෙස තුවාල ලැබුවාය.

නිවසේ තනිව සිටි අවස්ථාවේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඇයගේ මුහුණ, බෙල්ල සහ දෑස්වලට බරපතළ හානි සිදුවී තිබුණි.

“අර පිස්සා මට පොරවෙන් කෙටුවට අනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න යන්න එපා. පොලිසි ගානේ යන්නත් එපා. උඹල පරිස්සමින් ඉන්න බලාපල්ලා.” මරණය පෙනි පෙනී රෝහල් ඇඳ මත සිටියදීත් ඇය තම දරුවන්ට ලබා දුන් අවසන් අවවාදය එයයි.

තමන්ට වින කළ පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති කර නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටියේ දරුවන්ගේ අනාගතය ගැන සිතමිනි.

යසවතී මාතාවගේ වැඩිමහල් දියණිය වන ඉනෝකා හඬමින් පවසා සිටියේ තම මවට සිදුවූ අසාධාරණය දරාගත නොහැකි බවයි.

“අපේ අම්මා හරි ලස්සන කෙනෙක්. ඒත් අද ඒ මුහුණ බලන්න බැරි තරමට විකෘති කරලා.” ඇය පවසන්නේ සැකකරු මීට පෙරද නිවසට පැමිණ ආහාර ගෙන ගිය බවත්, ඔහු කෙරෙහි කිසිදු සැකයක් තමන්ට හෝ මවට නොතිබුණු බවත්ය.

පහරදීමෙන් ඇතිවූ තුවාල උත්සන්න වීමෙන් පෙනහළුවලට ලේ වහනය වී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා ඇය දින නවයකට පසු මෙලොව හැර ගියාය.

පසුගිය 02 වැනිදා සන්ධ්‍යාවේ කළුතර, කිතුලාව පොදු සුසාන භූමියේදී ඇයගේ දේහය මිහිදන් කෙරුණේ මුළු ගම්මානයම කඳුළින් නහවමිනි.

සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලේ රඳවා සිටියද, දරුවන්ට අහිමි වූ ඒ දයාබර මවගේ අඩුව කිසිදිනක පිරවිය නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED