spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මාවතකට?

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මාවතකට?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලන ව්‍යුහය වෙනස් කරමින්, එහි පාලනය අතුරු කමිටුවක් (Interim Committee) හෝ බලයලත් නිලධාරියෙකු (Authorized Officer) යටතට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පරිපාලනමය ගැටලු විසඳීම සඳහා රජය මෙම තීරණයට එළඹ ඇති බවයි.

මීට පෙර අවස්ථාවලදී ක්‍රිකට් පරිපාලනයට රජය මැදිහත් වූ විට ICC විසින් ශ්‍රී ලංකාවට තහනමක් පැනවූ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා බව අවධාරණය කරනවා.

“අපි කරන්නේ හදිසි තීරණයක් අරගෙන ක්‍රිකට් තහනමකට පාර කපන එක නෙවෙයි. අපි ICC ආයතනය සමඟ සුහදව සාකච්ඡා කරමින් ඉන්නේ, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට අවශ්‍ය පරිපාලන වෙනස ඔවුන්ගේ අනුමැතිය ඇතිව සිදු කරන්නේ කොහොමද කියන එක ගැනයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED