
“සිත නිවන රන්වැලි සෑ සෙවණේ ආශිර්වාදය..” – පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් අසිරිමත් රුවන්වැලි මහා සෑ රජුන් වැඳපුදා ගත් පින්බර මොහොත! – photos
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින අසිරිමත් රුවන්වැලි මහා සෑ රජුන් අභියස, පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ සිදු කළ ශ්‍රද්ධා පූර්වක වන්දනාවේ පින්බර දසුන් කිහිපයක් මේ.
මහා සෑ රජුන්ගේ ඒ නිසල ගාම්භීරත්වයත්, ස්වාමීන් වහන්සේගේ ශාන්ත වූ වත්පිළිවෙත් සහ වන්දනාවත් දකින සැම සිතකටම දැනෙන්නේ කිව නොහැකි තරම් ආධ්‍යාත්මික සුවයක්.
ලෝකය කොතරම් කලබලකාරී වුවත්, රන්වැලි සෑ සෙවණේ පවතින ඒ මහා සිසිලසත්, ආශිර්වාදයත් ජීවිතයට මහත් වූ ශක්තියක්.
ඔබටත් තුන්ලොවක් පූජනීය වූ රුවන්වැලි මහා සෑ රජුන්ගේ සරණත්, ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා!

