spot_img

හැටන් දික්ඔය නගර සභාවට රුපියල් ලක්ෂ 36 ආදායමක්

හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 36 (රු. 36,68000)කට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිව තිබෙන බව අදාළ ටෙන්ඩර් කැඳවීම පිළිබඳ අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා මේ බව සඳහන් කර සිටියා .

දීපාවලී උත්සව සමයේ දී හැටන් නගරය තුළ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර නොමැති අතර, ඒ සඳහා හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ භූමිය ව්‍යාපාර කටයුතු කිරිම සඳහා වෙන්කර තිබෙනවා .

එම ඉඩම් කැබලි සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් වාර්ථාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවා තිබෙන අතර එසේ කැදවූ ටෙන්ඩර් පත් ඊයේ නගර සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ, මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කිරිමෙන් අනතුරුව මෙම ආදායම උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා .

මෙම ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට ඉඩම් ලබාගත් අයගෙන් එම ටෙන්ඩර් මුදලට අමතරව කැලි කසල බද්ද සහ ව්‍යාපාරික බද්දක් අයකර ඇති අතර, නගර සභාව විසින් ලබාදෙන නිර්ණායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කල යුතුයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED