හඳුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා තිබෙනවා .
ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මගීන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බව සඳහන්.
එමෙන්ම මියුනිච් වෙත පැමිණෙන ගුවන්ගමන් 15ක් ඔස්ට්‍රියාවේ වියානා ඇතුළු ජර්මනියේ ප්‍රදේශීය ගුවන්තොටුපොළ කිහිපයකට යැවීමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ .
කෙසේ නමුත් එරට වේලාවෙන් අලුයම 5ට පමණ ගුවන්තොටුපොළ යළි විවෘත කර තිබෙන අතර මීට පෙර මෙවැනිම හඳුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ඩෙන්මාර්කයේ ද මගීන් රැසක් පීඩාවට පත් වුණා .

