අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා .
එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේ එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවයි.
එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා .
එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඉකුත් සැප්තැම්බර් 18 වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ දිනවල සිදු කෙරෙන අතර .මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වේ නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසීමේ හැකියාව පවතිනවා .
මිට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ gceolexansl@gmail.com යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා .

