මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයේ ඇති වූ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ .
භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවයි.
භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් වාසය කරන අතර
ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
භූ කම්පනය හේතුවෙන් සිදු මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටිනවා .

