මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා .
උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති අතර ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙනවා .
එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා .

