චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරුණා .
මෙම ප්‍රධාන පාලම පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් ද වැඩිම පාලම මෙය වීම විශේෂත්වයක්.
පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2ක් දක්වා අඩු වී තිබෙනවා .
පාලම සහ ඊට පහළින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.
මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වූ අතර, එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබුවා .
පහළින් ගලා බසිනා දිගු ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇත.

