බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදු වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී ඔහු දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැස තිබෙනවා .
එම අවස්ථාවේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇති අතර එහිදී ඔහු එම දුම්රියේ ගැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

