අද (25) අලුයම කුරුණෑගල – අනුරාධපුර ප්රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා .
අදාල අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ .
ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව වාර්තා වී තිබෙනවා .
වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

