ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපලේ වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරයක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතින් විවෘත කෙරුනා .
එහිදී අමත්‍යවරයා කියා සිටියේ සත්ව පාලනය හා ඒකාබද්ධ වුන සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක් බවත් අනෙකුත් කර්මාන්තකරුවනුත් මේ ආදර්ශය අනුගමනය කරන්නේ යහපත් කාරණාවක් බවත්ය .
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා .
” සූර්ය විදුලිබලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වන්න ලැබීම සතුටක්. මේ ව්‍යාපෘතියේ මා දැකපු විශේෂතම ලක්ෂණය සත්ව පාලනය එහෙම නැත්තං කුකුල් ගොවිපළට බද්ධවෙලා කුකුල් කූඩුවල වහලමත සවි කරපු සූර්ය පැනල භාවිතයෙන් විදුලි නිෂ්පාදනය කරන එක. මේ ආකාරයේ ලංකාවේ සමහර විට එකම ව්‍යාපෘතිය මේක. ඒ ඇරුනාම තරුණ වෘත්තිකයෝ ව්‍යවසායකයෝ කිහිපදෙනෙක් එකතුවෙලා ආරම්භ කළ ව්‍යාපෘතියක් වීමත් නිසා මේ අවස්ථාවට සහභාගිවෙන්න මට ලොකු ඕනකමක් තිබුණා.
මොකද ඔබ දන්නවා අපේ රට ජනගහන ගණත්වය වැඩි රටක් පුනර්ජනනීය බලශක්තිය වගේ ඉතාම වැදගත් ක්ෂේත්රයක් වෙනුවෙන් උනත් ඉඩම් විශාල ප්‍රමාණයක් යොදාගන්න අපහසුයි. ඉතිං මේ වගේ ගොවිපල එක්ක සත්ව පාලනය එක්ක එකාබද්ධ වෙච්ච සූර්ය විදුලි ව්‍යාපෘති ද්විත්ව ප්‍රයෝජන ලබාදෙනවා විතරක් නෙමෙයි ඉඩම් හා ගොඩනැගිලි වඩාත් කාර්යක්ෂමව භාවිත කරන්නත් ඉඩකඩ සලසනවා. ඉතිං කුකුල් පාලනයත් එක්ක බද්ධවෙච්ච මේ සූර්යබල ව්‍යාපෘතිය ගැන තොරතුරු ක්ෂේත්රයේ අනෙකුත් කර්මාන්තකරුවන්ටත් ආරංචි උනාම එගොල්ලොත් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කලොත් ඒක රටට වැඩදායි එකක් වෙයි. ඒ අතින් මේ ව්‍යාපෘතිය ආදර්ශමත් එකක්.
ඒ වගෙම ඒ විදිහට හැදෙන විදුලිබලය ඒ ඒ ගොවිපල වලම එදිනෙදා කටයුතු වලට භාවිත කරන්න පුලුවන්නං අපි දැන් මුහුණදීලා තියෙන විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වගෙන යන්න අරගන්න සිදුවෙලා තියෙන සීමාකිරිමේ පියවර නොගෙන ඉන්නත් ඒ වගේම ගබඩා කරන බැටරි පද්ධති වගේ තවත් ආයෝජන අවශ්‍ය වෙන ව්‍යාපෘති නොකර ඒවා වෙනක් ආයෝජන වලට යොමුකරන්නත් අපට පුලුවන් “

