spot_img

බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරු හිඟය පිළිබඳව අවධානය

බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ඇතුලු ගිහි පැවිදි සාමාජිකයින් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා .

වත්මන් රජය ය‍ටතේ ආගමික අධ්‍යාපනයට මෙන්ම සෞන්දර්යය විෂයන්ද කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආචාර්ය හරිනී අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය මෙම සාකච්ඡාවේ අවධාරණය කර තිබෙනවා .

එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳව බුද්ධ සාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් කරන ලද විමසීමක දී ආගමික හා සාරධර්ම ශාඛාවේ අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කර සිටියේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩම තුළින් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලු දරුවන්ට ලබා දීමට අපේක්ෂිත බවත්, ඉන්පසුව තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන බවත්ය.

එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳවත් අවධානය යොමු වූ අතර ඒ සඳහා පිළියමක් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ප්‍රකාශ කර සිටියේ මේ දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස්කරමින් සිටින බවත්, ඉන්පසුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED