නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් N99 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා .
කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති අතර, වෙඩි ප්රහාරයක වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වැදී තිබෙනවා .
සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .
මේ අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබෙනවා .
මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරන අතර මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන් වන්නේ .

