පසුගිය පළවෙනිදා (01) මීටියාගොඩ පොලිස් වසමේ මලවැන්න පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
පොලිස් විශේෂ කාර්ය බළකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (02) සවස් කාලයේ තලවකැලේ පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර අගෝස්තු 21 වන දින බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙම සැකකරු පානදුර දකුණ පොලිස් වසමේ හිරණ ප්‍රදේශයේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 23ක් වන හිරණ, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

