ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට රුපියල් මිලියන 500ක සහන ණයක් ලබා දීමේ වැඩසටහනට අදාළව කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු සමඟ ගිවිසුම්ගත වීම සිදු කෙරුණා.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ මීට අදාළ අයදුම් පත්‍රය ගැසට් පත්‍රයක් මඟින් ඉදිරියේදී ප්‍රසිද්ධ කරන අතර පුවත්පත් සහ මාධ්‍යවලින් ලබා ගත හැකි බව යි .
මෙම වැඩසටහන තුළින් කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ යම් පෙරළියක් සිදු කිරීමට අපේක්ෂා කරන බව මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා.
ව්‍යසායකයාට ඊළඟ පියවර සඳහා යාමේ දී මූල්‍ය ගැටලුවක් ඇති වේ නම් ඊට අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සැපයිය හැකි බව ඒ් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා .
මෙම සහන ණය යෝජනා ක්‍රමයේදී අය කරනු ලබන සියයට හතරක පොළිය පරිපාලන වියදම් සඳහා පමණක් අය කෙරෙනවා.
4% ක් වැනි සුළු පොළියකට සහන ණය ලබා දී කෘෂිකර්ම ක්ෂේත්‍රය වඩා දියුණු තත්වයකට ගෙන ඒම මෙම වැඩසටහනෙහි අරමුණ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා .

