දශක තුනකට අධික කාලයක් පුරා පැවති යුධ ගැටුම් හේතුවෙන් කාගේත් අවධානයට ලක්ව නොතිබූ දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කටයුතු 2020 නොවැම්බර් මස 11 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ආරම්භ කෙරුණා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදු කරනු ලබන අතර
2022 වර්ෂය අවසන් වන විට දාගැබේ උස අඩි 60 ක් පමණ ද, 2024 වර්ෂය අවසන් වන විට එහි උස අඩි 70ක් පමණ ද වැඩ අවසන් කොට තිබුණා.
මෑතකදී,එනම් 2025 අගෝස්තු 25 දින වන විට දාගැබේ උස දළ වශයෙන් අඩි 72 යි අඟල් 04 ක් පමණ වැඩ අවසන් කොට තිබෙනවා.
නැගෙනහිර පළාතේ විශාලතම ස්ථූපය ලෙස සැලකෙන දීඝවාපී චෛත්‍යය පුර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි සම්පුර්ණ උස අඩි 268 යි අඟල් 06 කින් සමන්විත වනවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් විසින් දීඝවාපීය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරනු ලබන අතර, ඒ අනුව දෛනිකව පිළිස්සු ගඩොල් 6000 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.
තවද, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 700 කට අධික පිරිසක් පුර්ණ ශ්‍රම දායකත්වය ලබාදෙන අතර,දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් විසින් ලබා දෙන මුල්‍ය පරිත්‍යාග මඟින් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය ප්රාග්ධනය සපයනු ලබනවා.

