spot_img

2026 වර්ෂයට අදාල පාසල් නිල ඇඳුම් ප්‍රමාණය චීන රජයෙන්

රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා .

ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්

එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබා දීමට එකඟතාව පල කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපති Qi Zhenhong මහතා අතර සිදු වුණා .

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා,

“2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11.82 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළා. එමඟින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වුණා වගේම රට පුරා සිසුන් මිලියන 4.6 කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසුණා. රුපියල් බිලියන 5.17 කට වඩා වටිනා මෙම දායකත්වය, ලාබාලත ම සිසුවාගේ සිට ජාතික විභාග සඳහා සූදානම් වන ජ්‍යෙෂ්ඨ සිසුන් දක්වා සෑම දරුවෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට මඟ පෑදුවා. 2026 වසර සඳහාද එවැනි ම දායකත්වයක් ලබා දීම අගය කළ යුතු වෙනවා”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ චීනය 2026 නිල ඇඳුම් ප්‍රදානය පිළිබඳ කඩිනම් ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකා රජය සහ චීනය අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිඹිබු කරන සාධකයක් බවයි.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED