spot_img

18ට වඩා අඩු නම් ටිකට් නැතුව ම දැන් බලන්න පුළුවන්

දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මූලික අරමුණ කර ගනිමින් සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා .

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වී ඇත්තේ .

ඒ අනුව සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව හිමිවේ.

මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහා ද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කර සිටියා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED