159වන පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘ නීතිය සුරකිමු, සාමය අගයමු’ යන්නයි.ඒ වෙනුවෙන් පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එසේම 159වන පොලිස් දිනය වෙනුවෙන් අද (03) විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා .
ඒ අනුව පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ ඉදිරිපිට ස්ථාපිත කර ඇති බස් නැවතුම පස්වරු 2.30යේ සිට පස්වරු 7.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ පිටිහි බස් නැවතුම වෙත රැගෙන යයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


