නව වගාව , නැවත වගාව , යටි වගාව ආදී සහනාධාර ක්‍රම යටතේ ලබාදෙන පොල් පැළ සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
මෙහි රක්ෂණ කාලය දින 15 සිට වසරක් දක්වා වන අතර රක්ෂණ වාර මුදල පැළයක් සඳහා රුපියල් 67යි ශත 50ක් වේ .
පොල් වගා කිරිමේ මණ්ඩලය ද සමග එක්ව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන්න අතර රක්ෂණ ආවරණය පැළයක් සඳහා රුපියල් 550ක් වේ .
නියඟය , ගංවතුර, අධික වර්ෂාව , සුළි සුළං , නායයාම් , වනඅලි හානි ,වන සත්ත්ව හානි , අකුණු සහ පළිබෝධ තත්ත්වයන්ගෙන් පොල් වගාව ආවරණය කිරීම මෙම රක්ෂණය මගින් සිදුකෙරෙනවා.

