spot_img

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල – මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා .

ඊයේ දහවල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු 57 වන වියෙහි පසුවුණා.

1968 වසරේ ජුනි මස 22 වනදා උපත ලැබූ ලොහාන් රත්වත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමල් පුත්‍රයා වන අතර ජනරාල් අනුරුද්ධ රත්වත්තේ හිටපු අගමැතිනි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහෝදරයා ද වේ .

2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට ප්‍රථම වරට තේරි පත්වූ ඔහු, 2010 වසරේදී පර්ලිමේන්තුවටද තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසයි.

2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් වූ අතර පසුව ඔහු මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබුවා.

2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දරනු ලැබුවා.

අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී 2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයටද පත්වුණා.

ආණ්ඩු ගණනාවක් යටතේ දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් වූ ලොහාන් රත්වත්තේ විමර්ශන ගණනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම්වලට මුහුණ දුන්නා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED