දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබෙනවා .
අදාල පහරදීම හේතුවෙන් බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති.
දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා .
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

